FAST NEWS

24×7 Around the Globe

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා රජයේ අවසරය ගතයුතු බවට නව නීතියක්…

 

මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ.

ශ්‍රී ලංකාව අවට මුහුදේ සිටින ඩොල්ෆින්, තල්මසුන් නැරඹීම සඳහා ද මින් ඉදිරියට රජයේ අවසරය ලබාගත යුතුවෙයි.

මෙම කර්මාන්තය නියාමනය කිරීමකින් තොරව සිදුකිරීම හේතුවෙන් මුහුදු ජීවීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතරම ලංකාව අවට මුහුදු කලාපයෙන් ඔවුන් ඉවත්ව යෑමේ අවධානමක්ද තිබුණි.