මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ.
ශ්රී ලංකාව අවට මුහුදේ සිටින ඩොල්ෆින්, තල්මසුන් නැරඹීම සඳහා ද මින් ඉදිරියට රජයේ අවසරය ලබාගත යුතුවෙයි.
මෙම කර්මාන්තය නියාමනය කිරීමකින් තොරව සිදුකිරීම හේතුවෙන් මුහුදු ජීවීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතරම ලංකාව අවට මුහුදු කලාපයෙන් ඔවුන් ඉවත්ව යෑමේ අවධානමක්ද තිබුණි.








