බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් බොලිවුඞ් සිනමාව ජයගත් අයුරු දැක්වෙන ඇගේ ජීවිත කතාව ඇතුළත් ‘කරෙන්ජිත් කෝර්: ද අන්ටොල්ඞ් ස්ටෝරි ඔෆ් සනී ලියොන්’ නමැති වෙබ් කතා මාලාව ඉදිරියේ දී විකාශය වීමට නියමිත බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහි පූර්ව ප්රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණු අතර එය කාගේත් අවදානයට ලක්ව තිබේ.
සනී ලියොන් යනුවෙන් පසුකාලයේ නම වෙනස් කර ගත්ත ද ඇය උපත ලැබුවේ කරෙන්ජිත් කෝර් යන නමිනි.
ඇයගේ මව හා පියා කැනඩාවට සංක්රමණය වූ ඉන්දියානුවන් වන අතර සනීගේ උපන් ගම වන්නේ ද කැනඩාවයි.
කුඩා කාලයේ ආර්ථික අපහසුතා මැද ප්රශ්න රැසකට මුහුණ දෙන කරෙන්ජිත් කෝර්ගේ ජීවිතයේ පාසල් අවදිය සහ ඉන්පසු ඇය සරාගී නිරූපිකාවක සහ පෝර්න් ස්ටාර් නිළියක බවට පත් වූ අයුරුත්, පසුව බොලිවුඞ් නිළියක බවට පත් වන අයුරුත් මෙම වෙබ් කතා මාලාවට ඇතුළත්ව ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.









