FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුව නිසා කුරුණෑගල, රත්නපුර උණුසුම් වූ හැටි .(ඡායාරූප)

දුක්මහන්සියෙන් මහමැතිවරණය ජයගත් එජාපයට ශ‍්‍රීලනිපයේ දුෂිත ඇමතිවරුන් සම්බන්ධ කරගෙන ආණ්ඩු පිහිටුවන්නට අවශ්‍ය නැති බව කියමින් ඊයේ කුරුණෑගල කටුගම්පල ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

මේ සඳහා වයඹ පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීවරුන් පිරිසක් හා ආධාරකරුවන් එක්ව සිටියා.

එමෙන්ම ජෝන් සෙනෙවිරත්න මහතාට ජාතික ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන්ද, ඔහුට ඇමති ධුරයක් ලබාදෙන ලෙස ඉල්ලා සන්ධාන ආධාරකරුවන් පිරිසක්ද රත්නපුර නගරයේ උද්ඝෝෂණයක යෙදීම නිසා උද්වේගකර තත්ත්වයක් ඇතිවිය.

අද (26දා)පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 පමණ වනතෙක් පැවැති එම උද්ඝෝෂණයේදී දෙපාර්ශ්වයම මුහුණට මුහුණ ආවේගශීලීව ඉදිරියට එද්දී පොලීසිය මැදිහත් වීම නිසා ඇතිවීමට ගිය ගැටුමක් වැළැක්විණි.

rathnapura-d