FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…

 

වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපති තරෙක් විලියම් සාමි පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්.

මීට අමතරව වික්ෂ නායකවරයාගේ බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා කටයුතු කරන ලෙස ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලානු විපක්ෂයේ හුවාන් ගුවයිඩෝ තමා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට දේශපාලන අර්බුදය උත්සන්න වූ අතර, ඒ හේතුවෙන් පැන නැගුණු ජනතා විරෝධතා නිකලස් මධුරෝ රජය මගින් මර්දනය කරනු ලැබීය.