හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා අතර අතිනත ගැනීමේ උත්සවය පසුගියදා වීරකැටියේදී පැවැත්විය.
නව යුවළ කතෝලික ආගමානූකූලව ආශිර්වාද ලබාගැනිමේ දේව මෙහෙයක් ඊයේ (28) පස්වරුවේ බම්බලපිටිය ශාන්ත මේරි දේවස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
මේ අවස්ථාව සඳහා රාජපක්ෂ පවුලේ සහ ටට්යානා පුවලේ සියලු දෙනා ඇතුළු තවත් බොහෝ පිරිසක් එක්ව තිබුණි.






















