ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම යළිත් ජයග‍්‍රාහී මාවතට සේන්දු කිරීමට නම් තමා ඇතුළු තේරීම් කමිටුවට දැඩි තීරණ ගැනීමට ඉදිරියේදී සිදුවන බවත් සියලූ දෙනා එක්ව සාමූහිකව එම අභියෝගය භාර ගැනීමට කටයුතු කරන බවත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා මාධ්‍ය වෙත පැවසීය.
#ඇමතිවරයා
“රට වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා තීරණ ගන්න ඕන වෙලාවක් මේක. දැඩි තීරණ ගන්නෙ නැතිව ක‍්‍රිකට් හදන්න බැහැ. ඒ වෙනුවෙන් ඇමැතිවරයා අපිට බලය දීලා තියෙනවා. ඉදිරියේදී ඒ වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා”
#ලෙඩ්ඩු සංචාරවලට යවන් නෑ
“ඇත්තටම අපි ආවට පස්සෙ තවම ගැහුව්වෙ ටෙස්ට් තරග තුනයි. තරග තුනටම වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් ආබාධ වුණා.එකට හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඉස්සරහට අපි ලෙඞ්ඩුන්ව සංචාරවලට යවන්නේ නැහැ. මොකද මැරතන් දුවන්නනම් එ වෙනුවෙන් පුහුණු වෙන්න ඕන. නැතිව මැරතන් දුවන්න බැහැ. එ වගේම තමයි වේග පන්දු යවන්නන් තමන්ගේ රාජකාරියට හොඳින් පුහුණු වෙන්න ඕන. ඔස්ටේ‍්‍රලියාවේ ගැබා ක‍්‍රීඩාංගණයේදී අපි කාසියේ වාසිය දිනලා බැට් කළා. ඇත්තටම මම පුදුම වුණා එ වගේ තීරණයක් ගත්ත එක ගැන”
#2003 දී
‘2003 දී මම යනකොට අපි විස්සයි විස්සෙන් අංක එක. එක් දිනවල දෙක. ටෙස්ට් තරගවලින් තුන. ඊට පස්සෙ 2007 ඉදන් අපි 2011 වෙනකම් ලෝක කුසලානවලට අවසන් මහා තරගයට ආවා. නමුත් අද අපි කඩා වැටිලා තියෙනවා. කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට විශ්වාසයෙන් ක‍්‍රීඩා කරන්න සහ පීඩනයක් නොදී ක‍්‍රීඩා කිරීමේ වටපිටාවකුත් හැදෙන්න ඕන.’
#නවසීලන්ත සංචාරය
“නවසීලන්ත සංචාරයේදී අපිට ඕන අය නෙමෙයි ක‍්‍රීඩා කළේ. ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් එහෙමයි. එ නිසා අපිට ඉදිරියේදී බහුතර කැමැත්ත ඇතිව වැඩ කරන්න ක‍්‍රීඩා ඇමැතිවරයා අවස්ථාව දීලා තියෙනවා. ලෝක කුසලානයට තවම කණ්ඩායම තෝරලා නැහැ. දකුණු අප‍්‍රිකානු සංචාරයේදීත් අලූත් ක‍්‍රීඩකයන් පිරිසක් බලනවා. මොකද එ තරගාවලියෙන් පස්සෙ තමයි අපිට ලෝක කුසලාන තරගාවලිය තියෙන්නෙ. තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දුන්නෙ නැතිනම් කවුරු හරි එකපාරට එළියට ගියහම හරි ක‍්‍රීඩකයකු හොයා ගන්නවත් නැහැ. නමුත් ඉදිරියේදී එහෙම වෙන එකක් නැහැ. මොකද අපි ක‍්‍රීඩකයන් හඳුනාගෙන ඉන්නෙ”









