FAST NEWS

24×7 Around the Globe

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි – ශ්‍රී ලංකාවටත් තරග කිහිපයක්..

 

 

ඔස්ට්‍රේලියාවේ පැවැත්විමට නියමීත 2020 විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව කාල සටහන ඇතුළත්ව නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව හොඳම කණ්ඩායම් 16 ක් අතර 2020 ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

මෙම තරගාවලිය යටතේ සුදුසුකම් ලැබිමේ තරග වටයේ තරග 12 ක් ඔක්තොම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම 18,20,22 යන දිනයන්හි තරග සඳහා සහභාගි විමට නියමීතය.

ඔක්තොම්බර් 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා සුපිරි 12 දෙනාගේ වටය පැවැත්විමට නියමීත බව අයි.සී.සී නිවේදනයෙහි සඳහන් වෙයි.

තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.

මෙම තරගාවලියේ විකාශන අයිතිය ස්ටාර් ස්පොර්ට්ස් වෙත හිමීව තිබේ.