FAST NEWS

24×7 Around the Globe

හතුරුගේ බලයක් ඇමති ගලවයි..

කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (28) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැතා වනු ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට උඩින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී ඇති බව පැවසේ.