FAST NEWS

24×7 Around the Globe

තව සති දෙකකින් කිරිපිටි හිගයක්?

 

කිරිපිටි මිල වැඩිකරන තෙක් කිරිපිටි ආනයනකරුවන් සිය නැව් තොග වරායෙන් නිදහස් කර නොගන්නා බව පැවසීම හේතුවෙන් පිටි කිරි බෙදාහරින සමාගම්වලට කිරිපිටි පැකට් සැපයිය හැක්කේ තවත් සති දෙකකට ආසන්න කාලයකට බව වාර්තා වේ.

පසුගියදා අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් කිරිපිටි තොග නිදහස් කරගන්නා ලෙස සාකච්ඡාවක් පැවැත්වුවත් එහිදී අමාත්‍යවරයාගේ ඉල්ලීමට කිරිපිටි ආනයනකරුවන් අවනත වී නොමැත.

වැට් බදු ද ඇතුළත්ව කිරිපිටි කිලෝවකට රජය විසින් අයකරන බදු මුදල රුපියල් එකසිය හැත්තෑවක් පමණ වන බව කියන කිරිපිටි ආනයනකරුවන්ගේ මේවන විට ආනයනික කිරිපිටි කිලෝවකින් රුපියල් 110 ක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටී.