FAST NEWS

24×7 Around the Globe

ඇමති ධූර සඳහා එජාපෙ 03 ක නම් ජනපති වෙත..

කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන ඇමැතිවරු ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවද පැවසේ.