FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා දේශපාලනයට පැමිණෙයි…

 

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඉන්දියාවේ අතිශය තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස ප්‍රියංකා ගාන්ධි පත්කර තිබේ.

මීට පෙර පැවති මැතිවරණවලදී ඇය ඒ සදහා බොහෝ කැපවීම් සිදුකළ අතර දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේප කළාය.

ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණවීම කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.