FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි සදහාත් මිල සූත්‍රයක්…

 

 

ආනයනික කිරිපිටි සඳහා ඉදිරි සති දෙක තුළ මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආනයනික කිරිපිටි මිල වැඩිකරන ලෙස සමාගම් කිහිපයක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණි බවයි.

ජාත්‍යන්තර වෙළඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය හදුන්වාදීමට නියමිතව තිබේ.