ආනයනික කිරිපිටි සඳහා ඉදිරි සති දෙක තුළ මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ආනයනික කිරිපිටි මිල වැඩිකරන ලෙස සමාගම් කිහිපයක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණි බවයි.
ජාත්‍යන්තර වෙළඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය හදුන්වාදීමට නියමිතව තිබේ.








