FAST NEWS

24×7 Around the Globe

මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය මිලියන 6100ක් වෙන්කරයි…

 

එළැඹෙන මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 6100 කට අධික මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කළේය.

මේ අනුව, නාඩු වී කිලෝවක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

මෙම මුදලට එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 ක් දක්වා මිලදී ගැනීමටද රජය තීරණය කර ඇති අතර ගොවීන්ගේ පහසුව සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී වියළීම සඳහා යන්ත්‍ර ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.