FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළිත් රිමාන්ඩ්…

 

නේවි සම්පත් හෙවත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

ඒ , කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින්.

2008 – 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

නඩුවට අදාලව 12 වන සැකකරු අද (23) හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද එය අවලංගු කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.