නේවි සම්පත් හෙවත් ප්රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු ලබන 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.
ඒ , කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා විසින්.
2008 – 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
නඩුවට අදාලව 12 වන සැකකරු අද (23) හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද එය අවලංගු කිරිමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.








