FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟයට ඔස්ට්‍රේලියාව අවසන් 11 නම් කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට (24) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදි (දිවා/රාත්‍රී) ආරම්භ විමට නියමීත පළමු ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම නායක ටිම් පයින් විසින් නිවේදනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව තෙදින පුහුණූ තරගයේදි ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් වාර්තා කළ කර්තිස් පැටර්සන් මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

කණ්ඩායම.

මාකස් හැරිස්, ජෝ බර්න්ස්, උස්මාන් කවාජා, මාර්නස් ලුබස්චන්, ට්රැවිස් හර්ට්, කර්තිස් පැටර්සන්, ටිම් පේයින් (නායක/කඩුළු), පැට් කුම්මන්ස්, මිචෙල් ස්ටාර්ස්, ජේ රිචඩ්සන්, නාතන් ලයන්. පීටර් සිඩ්ල් (අතිරේක)