FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරායට ප්‍රථම වරට ‘ඉතාකා පේෂන්ස්’ නම් ලෝ බොර නැවක්…

 

සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා ද්‍රව්‍යයක් වන ලෝබොර මෙටි‍්‍රක් ටොන් 27,000 ක් රැගත්  ‘ඉතාකා පේෂන්ස්’ නම් නෞකාවක් ප්‍රථම වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා ඇත.

මෙයට පෙර ලෝ බොර, කුඩා යාත්‍රා මඟින් ගාලු වරායට ගෙන ඒම සිදු කෙරුණු අතර , මෙවැනි විශාල තොග නෞකාවන් හැසිරවීමට, ගාලු වරායේ ඉපිළුම් ගැඹුර ප්‍රමාණවත් නොවන හෙයින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මෙම භාණ්ඩ ගොඩ බෑම සාර්ථකව නිමා කල බව  හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් (HIPG) සමාගම පවසා සිටී.

බහාලුම් හැසිරවීම, සාමාන්‍ය භාණ්ඩ හැසිරවීම, මගී හා තෙල් සේවාවන්, තොග පර්යන්ත, ගෑස් සහ ව්‍යාපෘති භාණ්ඩ හැසිරවීම යන සේවාවන් හම්බන්තොට වරාය මගින් මේ වනවිට සිදුකරනු ලබයි.