FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දණ ගසති..

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ අද (23) පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38 කදී සියළු දෙනා දැවි ලකුණු 157 ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණූ 158 ක් ලබා ගත යුතුය.

නවසීලන්නය වෙනුවෙන් නායක කෙන් විලියම්සන් ලකුණූ 64 ක් රැස් කළේය.

පන්දු යැවීමේදි ඉන්දීයාව වෙනුවෙන් කුල්දිප් යාදව් කඩුළු 04 ක් සහ මොහොමඩ් සාමී කඩුළු 03 ක් දවා ගත්හ.