FAST NEWS

24×7 Around the Globe

විල්ගමු වී පෝලිම අදම නැති කරන්න- අගමැතිගෙන් නියෝග.

මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වී අදම මිලට ගෙන පෝලිම් නැති කරන්නැයිද අවශ්‍ය නිලධරයන් යවන්නැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිසාපතිට අද නියෝග කළේය.

ලංකාදීප එසැණින් හා ලංකාදීප පත්‍රයේ පළවූ පුවත දුටු අගමැති අවශ්‍ය මුදල්ද යවා දිසාපතිට නියෝග කළේ ගබඩාවල ඇති වී මෝල්වලට යවා සහල් කිරීමට පියවර ගෙන ගොවීන්ගෙන් ගන්නා වී ගබඩා කිරීමට අදම ක්‍රියා කරන ලෙසයි. පොළොන්නරුවේ වී මිලදී ගැනීම්වල අඩුපාඩු ඇත්නම් ඒවාටද වහා පිළියම් යොදන ලෙස පොළාන්නරුව දිසාපතිටද අගමැති නියෝග කළේය