නවසීලන්තය සමඟ අද (23) පැවැත්වෙන පළමු එක්දින තරඟයේදි මාර්ටින් ගප්ටිල්ගේ කඩුල්ල දවාගත් ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් ෂමී ඉන්දීයාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුළු 100 ක් දවාගත් ක්රීඩකයා බවට පත් වෙමීන් වාර්තා පොත් අලුත් කිරිමට සමත් විය.
ඒ අනුව එක්දින තරග 56 කදී සාමී සිය එක්දින කඩුළු 100 සම්පුර්ණ කිරිමට සමත් වු අතර මීන් පෙර ඉන්දීයාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුළු 100 දවාගත් වේග පන්දු යවන ක්රීඩක ඉර්ෆාන් පතාන් තරඟ 59 ක් වැය කර තිබේ.
ඒ අනුව වේගවත්ම කඩුළු 100 ක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සය වැනි ස්ථානයට පත් විමට ෂමී සමත් විය.
ශ්රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන ක්රීඩක අජන්ත මෙන්ඩිස් තරග 63 කදී වේගවත්ම එක්දින කඩුළු 100 දවා ගැනිමට සමත්ව ඇත.









