FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුකරණ සැලසුම හා ළහිරු ගැන රුමේෂ් කියයි..

ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමාවු ටේස්ට් තරගාවලියේදි ඉන්දීය පන්දු යවන්නන් පන්දුව පතිත කළ ස්ථානය හදුනාගෙන එ අයුරින් පන්දුව පතිත කිරිම ධනාත්මක කාරණයක් බව ශ්‍රී ලංකා වේග පන්දු පුහුණූකරු රුමේෂ් රත්නායක මහතා විදෙස් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කර තිබේ.

එහිදි ජස්ප්‍රිට් බුම්රා,මොහොමඩ් සාමි සහ ඉෂාන්ත් ෂර්මා පිළිවෙලින් කඩුළු 21,16 හා 11 බැගින් දවා ගනිමීන් ඔස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කරමීන් 2-1 ලෙස තරගාවලි ජයක් වෙත ඉන්දීයාව ගෙන යෑමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනෙක් කණ්ඩායම් වල පන්දු යවන්නන් අනුව යා හැකි දක්ෂතාවයක් පවතින බවත් එ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක විය හැකි බවත් හෙතෙම මෙහිදි පෙන්වා දි තිබේ.

එසේම වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පැහැදිලි අනාගතයක් සහිත ක්‍රීඩකයෙක් වන බවත් ඔහුට පැයට කිලෝමීටර් 148 ක වේගයකින් පවා පන්දු යැවිමට හැකියාවක් පවතින හෙයින් ඔස්ට්‍රේලියාවේදි ඔහු සාර්ථක වනු ඇති බවත් හෙතෙම අනාවැකි පල කර තිබේ.