මේ වන විට සේනා දළඹුවා හෙක්ටයාර 80,000 ක් වන මෙරට බඩඉරිඟු වගාවෙන් හෙක්ටයාර 45,000 ක්ම ග්‍රහණයට නතුකරගෙන අවසන්ය.
මෙම දළඹුවා පසුගිය වසරේ සැප්තැම්බර් මස අග භාගයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවට සැක කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නමුත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් පී.බී. සරත් චෝදනා කර සිටින්නේ ඇමරිකාවෙන් සේනා දළඹුවා මෙරටට ව්‍යාප්ත වී ඇති බවයි.
මේ වන විට මුළු බෝග ව්‍යාප්තියම ආක්‍රමණය කරමින් සිටින මෙම සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් යෙදිය හැකි පිළියම් සහ වන්දි ලබාදීම් පිළිබද සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ප්‍රදේශ කිහිපයකින් පසුගිය දින කිහිපය තුළ ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් ඉදිරිපත් කළ ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආයතනයකින් ඊට අනුමැතිය පළ කිරීමක් සිදුව නොමැති බවට වාර්තා වෙයි.







