FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ගත යුතු පියවර මාවන් පෙන්වා දෙයි..

ඔස්ට්‍රේලියාව සමඟ ලබන 24 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකාව පළමුව හොඳ ලකුණූ සංඛ්‍යාවක් රැස් කළ යුතු බවත් එමගින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට සැලකිය යුතු අභියෝගයක් එල්ල කළ හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු පිතිකරණ පුහුණුකරුවෙක් වු මාවන් අතපත්තු පවසා තිබේ.

එසේම ඉන්දීයාව හමුවේ ඔස්ට්‍රේලියාව ලද පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් සහිතව තරගාවලියට ප්‍රවිශ්ට විය හැකි බව හෙතෙම විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

එසේම නවසීලන්තය සමග සමග තරගාවලිය පරාජයට පත් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එම තණතිලි තුල ලද අත්දැකිම් මත ඔස්ට්‍රේලියා තරගාවලිය වෙත ඉතා හොදන් අවතීර්ණ විය හැකි බවද මාවන් අතපත්තු වැඩි දුරටත් පෙන්වා දී තිබේ.