FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක් අනිවාර්ය නිවාඩු යවයි…

 

 

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරුවෙකු වහාම අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බව එම ආයතනයේ ඉහළ නිළධාරියෙක් පැවසීය.

අදාළ පුද්ගලයා සූදානම්ව සිට ඇත්තේ රුපියල් මිලියනයක අල්ලසක් අමාත්‍යවරයා වෙත ලබාදීමටයි.

මෙම සේවකයාට එරෙහිව මීට පෙරද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව අදාළ නිළධාරියා වැඩිදුරටත් සදහන් කළේය.