2018 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ගුවාතමාලා , ස්වීඩන , භූතාන හා ජෝර්ජියා රාජ්‍යයන් වෙනුවෙන් නිර්වේතනික කොන්සල්වරුන් පත් කිරීමට විදේශ අමාත්‍යවරයා විසින් තීරණය කර ඇත.
ගුවාතමාලාව – අරූන් හයිඩ්‍රාමණි
ස්වීඩනය – ඔටාරා ගුණවර්ධන
භූතානය – අබ්බාස් යූසුෆ්අලි
ජෝර්ජියාව – ඩයන් ගෝමස්
මෙහිදී අරූන් හයිඩ්‍රාමණි සහ අබ්බාස් යූස්ෆ්අලි මහත්වරුන්ගේ පත් කිරීම් 2018 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙයි.
ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හා ඩයන් ගෝමස් මහතාගේ පත් කිරීම 2018 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වේ.
මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය ජනවාරි 19 දින ප්‍රකාශයට පත් කර තිබේ.







