FAST NEWS

24×7 Around the Globe

රංගේ – වසන්ත ඇතුළු 05 කට අමාත්‍ය ධූර..

ඉතා කඩිනමීන් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායකට කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මෙම දෙදෙනාගේ නම් දැනටමත් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත් පැවසේ

මේ හැර ලක්ෂ්මන් විජේමාන්න හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ට නියෝජ්‍ය ඇමැති පදවි හිමිවීමට ඉඩ ඇතැයි ද කියැවේ.

පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය පදවියක් අවශ්‍ය බව රංගේ බණ්ඩාර මහතා දිගින් දිගටම එ.ජා.ප.යෙන් ඉල්ලීම් කර තිබු නමුත් දැනට කැබිනට් අමාත්‍ය පදවි සියල්ල පුරවා ඇති නිසා මෙලෙස ඔහුට කැබිනට් නොවන ඇමැති පදවියක් ලබාදෙනු ඇතැයි පැවසේ.

මේ හැර දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින ෆයිසර් මුස්තාපා මහතා ද එ.ජා.ප.යට එක්ව අමාත්‍ය පදවියකට පත්වීමේ අපේක්ෂාවෙන් සිටින බව එ.ජා.ප. ආරංචි මාර්ග කියයි.