FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටියදි ඊයේ (18) දකුණු ඇගිල්ලක පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රතිඵලය යහපත් බවද පැවසේ.