FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි…

 

අද (18) පෙරවරුවේ නවදිල්ලි නුවර ඝණ මීදුම් දුමාරයකින් වැසී යාමෙන් දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම  තාවකාලිකව අත්හිටවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ධාවන පථය හොදින් දිස්නොවීම සහ අයහපත් කාලගුණය ඊට හේතුවයි.

වායු දූෂණය හේතුවෙන් ඇති වී තිබෙන මෙම මීදුම් දුමාරය නිසා දුම්රිය සේවාවන්ට ද බාධා පැමිණ ඇති අතර, දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.