ඇමරිකාවට එල්ල කෙරෙන ඕනෑම සතුරු මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමිය හැකි අන්දමින් එරට මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළේය.
චීනය සහ රුසියාව නිර්මාණය කර ඇති නව හයිපර්සොනික් මිසයිල සාම්ප්රදායික ආරක්ෂණ පද්ධතිවලින් වළකාලීම දුෂ්කර බව ට්රම්ප් තවදුරටත් සදහන් කර සිටියේය.
කෲස් සහ හයිපර්සොනික් මිසයිල පවා ඉලක්ක කර ගත හැකි අන්දමින් මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.









