පිලිපීනයේ සිව් දින නිළ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තාකියෝ නකෝවා මහතා හමුවී ඇත.
ඒ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූලස්ථානයේදීයි.
එහිදී උසස් අධ්‍යාපන සහ ප්‍රවාහන ක්ෂේත්රය ඇතුළු අංශ කිහිපයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වටිනා ණය ගිවිසුම් 03 කට ද අත්සන් තබා ඇත.








