FAST NEWS

24×7 Around the Globe

ජනපතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අතර හමුවක්…

 

පිලිපීනයේ සිව් දින නිළ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තාකියෝ නකෝවා මහතා හමුවී ඇත.

ඒ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූලස්ථානයේදීයි.

එහිදී උසස් අධ්‍යාපන සහ ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු අංශ කිහිපයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වටිනා ණය ගිවිසුම් 03 කට ද අත්සන් තබා ඇත.