FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා ජාතික ලැයිස්තුවෙන් එයි – එජාප මන්ත්‍රී ගෙදර යයි..!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිනාථද මැල් මහතාගේ නම යෝජනා වී ඇති බවත් පැවසේ.

හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමීණිමෙන් ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුව හා එක්විමට අදහසින් සිටින හා එක්වු මන්ත‍්‍රී පිරිසට නායකත්වය දිය හැකි බවට එජාපයේ අදහස වී ඇති බවත් කියැවෙයි.