FAST NEWS

24×7 Around the Globe

යූ ටියුබ් සමාගම වීඩියෝවන් සඳහා නව සීමා පනවයි..

 

යූ ටියුබ් සමාගම තම චැනලයන් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වීඩියෝවන් සම්බන්ධයෙන් නව සීමාවන් කිහිපයක් පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

භයානක, හානිදායක හෝ වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීම සීමා කිරිම මෙමගින් අපෙක්ෂා කර තිබේ.

භයානක, හානිදායක හෝ වේදනාකාරී වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි අගතීන් සැලකිල්ලට ගනිමිනුයි සමාගම මෙම තීරණයට එළැඹ ඇති බවත්, එ අනුව මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ ඉඩක් නොදෙන බව යු ටුයුබ් ආයතනය පවසයි.