FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරාය නගරයේ මුහුද ගොඩකිරීම් කටයුතු අවසන් වෙයි…

 

ලංකා ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම නගර ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය (මූල්‍ය නගරය) ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.   

හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ මූල්‍ය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25 කින් පමණ අවසන් කිරීමට නියමිත බව එම අමාත්‍යංශය සදහන් කරයි.

පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරිම් පිළිබද නිරීක්ෂණයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ චීන තනාපතිවරයා අද (16) එක්වීමට නියමිතව ඇත.