FAST NEWS

24×7 Around the Globe

බ්‍රෙක්සිටි ගිවිසුමට අදාළ ඡන්ද විමසීමෙන් තෙරේසා මේ දරුණු පරාජයකට..

 

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ (15) ඡන්ද විමසීමක් පැවැත්විය.

එහිදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දී ඇත.

ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 202 කි.

මෙම ඡන්ද විමසීමෙන් පසුව එරට විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබන් විසින් තෙරේසා මේ,ගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එහි ඡන්ද විමසීම හෙට (17) පැවැත්වීමට නියමිතව ඇති අතර විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේගේ රජය පරාජයට පත්වුවහොත් මහමැතිවරණයක් පැවැත්විය යුතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.