FAST NEWS

24×7 Around the Globe

පන්දු යැවිම තහනම් අකිලගේ ලෝක කුසලාන ගමන ගැන පියල් කියයි..

පන්දු යැවිමේ ඉරියව්වේ නිවැරදි නොවිම හේතුවෙන් පන්දු යැවිමේ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ ඉරියව්ව කඩිනමීන් නිවැරදි කර ගැනිම සඳහා ඉන්දීයාව බලා පිටත් කිරිමට නියමීත බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවිමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

පන්දු යැවිමට නියමීත අංශක 15 අගයෙන් අංශක 04 ක අඩුවක් අකිල ධනංජයට පවතින බවත් එ අනුව එය 2019 එක්දින ලෝක කුසලානයට පෙර එය නිවැරදි කර ගනිමීන් අයි.සී.සී ය හමුවට ඉදිරිපත් වීමට කටයුතු කෙරෙමීන් පවතින බවද එ මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේ එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදි අකිල ධනංජයගේ පන්දු යැවිම නිවැරදි නොවන බව අනාවරණය වු අතර පසුව අයි.සී.සී ය කළ පරීක්ෂණයකදි එය තහවුරු විමේන් අනතුරුව පන්දු යැවිම තහනම් කෙරුණි.