FAST NEWS

24×7 Around the Globe

කාන්තා හිංසනයට හා දූෂණයට විරුද්ධව නීති දැඩි කිරීමට සිරිල් රම්පෝසේ සැරසෙයි…

 

මේ වන විට දකුණු අප්‍රිකාවේ කාන්තාවන් දැඩි අනාරක්ෂිත ජිවිත ගත කරන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් කාන්තා හිංසනය හා දූෂණයට එරෙහි නිති දැඩි කොට දැනට රටේ ප්‍රධාන ව්‍යසනය වී තිබෙන ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති ගෙන එන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසේ ප්‍රකාශ කරයි.

ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්ට පිරිමි පාර්ශවයෙන් එල්ලවල ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ස්ත්‍රී මරණ සංඛ්‍යාව සහ සියදිවි නසා ගැනීමේ අනුපාතය අනපේක්ෂිත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ සෑම වසරකම කාන්තාවන් හතලිස් දහසක් බලහත්කාරකම්වලට ගොදුරු වෙන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.