FAST NEWS

24×7 Around the Globe

T – 20 පසු තිසර,මාලිංග ඇතුළු 05 ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

නවසීලන්ත කණ්ඩායම සමග පසුගියදා පැවති විස්සයි – තරගයෙන් අනුතුරුව ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩකයින් 05 ක් අයි.සී.සී විස්සයි – 20 ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමීණිමට සමත්ව තිබේ.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පියවර 10 ක් ඉදිරියට පැමීණේමීන් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්හි 53 වැනි ස්ථානයටත්, කසුන් රාජිත පියවර 21 ඉදිරියට පැමිණෙමින් 167 වන ස්ථානයට පත්ව තිබේ.

කුසල් ජනිත් පෙරේරා පිතිකරණ ශ්‍රේණිගතකිරිම්හි එක් පියවරක් ඉදිරිය පැමීණේමීන් 23 වැනි ස්ථානයටත් , නිරෝෂන් දික්වැල්ලත් එක් පියවරක් ඉදිරියට පැමීණේමීන් 88 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

එසේම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පිතිකරණ ශ්‍රේණිගතකිරිම්හි පියවර අටක් ඉදිරියට පැමිණේමින් 31 වැනි ස්ථානයට හා තුන් ඉරියව් ශ්‍රේණිගතකිරිම්හි එක් ස්ථානයක් ඉදිරියට පැමීණේමීන් අංක 05 දක්වා ඉදිරියට පැමීණ තිබේ.