FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔක්ලන්ඩ්හිදි පැවැත්වෙන විස්සයි – 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 179 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුල ජයග්‍රහණය සඳහා ලකුණූ 180 ක් ලබාගත යුතුය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන් කණ්ඩායම වෙනුවෙන් ඩොග් බ්‍රැක්වෙල් පන්දු 26 කදී ලකුණු 44 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි කසුන් රාජීත කඩුලු 03 ක් හා ලසිත් මාලිංග කඩුලු 02 ක් දවා ගත්හ.

ලකුණූ පුවරුව..