FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට ක්‍රෙග් ෆුරිනි අනතුරු අඟවයි…

සරණාගතයන් පිළිබඳ ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය පෙර පරිදිම දැඩි බව ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට අනතුරු අඟවමින් ඔස්ට්‍රේලියා දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධර මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි කියයි. 

ඔස්ට්‍රේලියා රජය ක්‍රියාත්මක කළ දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම නිසා ඕස්ට්‍රේලියා ජනතාවට නිදහස්ව දිවි ගෙවිය හැකි වාතාවරණයක් දැන් ගොඩනැඟී ඇතැයි ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධරයා ලෙස මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි අදහස් දක්වමින් පවසා සිටියේ ය.

සරණාගතයන් පිළිබඳ කිසි දින වෙනස් නොවන ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය පෙර පරිදිම දැඩි බව ද, එහි කිසිදු වෙනසක් සිදුව නැතැයි ද වැඩි දුර අදහස් දක්වමින් කියා සිටි නව අණ දෙන නිලධරයා දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම තවත් ජව ගැන්වෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

මේ වනවිට නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ ගත් පුද්ගලයින් 740 දෙනෙකු රැගත් යාත්‍රා 29ක් පමණ පමණ යළි හරවා යැවීමට පියවර ගෙන තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි සිය හමුදා දිවියේ වසර 28 ක් ගත කළ අත්දැකීම් සහිත නිලධරයෙකි. ඔහු ගේ සැලසුම් හා මෙහෙයුම් අත්දැකීම් ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුම වඩාත් ජවසම්පන්නව ඉදිරියට ගෙන යාම පිණිස උපකාරී වනු ඇති බව ද ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියා සිටියේ ය.