FAST NEWS

24×7 Around the Globe

ඉසුරු උදානගේ විශිෂ්ට කඩුලු දඩයමෙන් කින්ග්ස් ජය ලබයි..

2019 බංග්ලාදේශය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (09) පැවති අටවැනි තරගයෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම පරාජය කමීන්, ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන නියෝජනය කරන රාජසි කින්ග්ස් කණ්ඩායම කඩුලු 07 ක ජයක් ලබා ගැනිමට සමත්විය.

මෙහිදි රාජසි කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 04 ක් යවා ලකුණු 15 කට කඩුලු 03 ක් දවා ගත් ඉසුරු උදාන තරගයේ වීරයා බවට පත් විය.

මෙම තරගයේදි කාසියේ වාදිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 117 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල රාජසි කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු පහක් තුළ කඩුලු 03 කට ලකුණු 118 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.