FAST NEWS

24×7 Around the Globe

මෙරට ක්‍රිකට් දුෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරිමට අයි.සී.සී යෙන් සති දෙකක්..

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී ඇති බව, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව එ මහතා පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ක්‍රීඩා අමාත්‍යවරයාටවත්, ක්‍රීඩා නිලධාරීන්ටවත් නෙවෙයි. ක්‍රිකට් අයිති ඔබ සියලු දෙනාට. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒක කරන්න ඕනේ සියලුදෙනාම එකතුවෙලා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශාල කතාබහකට ලක් වෙනවා.

පසුගිය කාල වකවානුවලදී අපිට ප්‍රශ්ණ කීපයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා.

අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබා දුන්නා. මේ සති දෙකක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබදව දන්නවානම් ඒ කාර්යාලය වෙත ගොස් ලබා දෙන්න පුළුවන්. මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන අයව රැකගන්න එක.”