FAST NEWS

24×7 Around the Globe

සුදුවෑන් සිද්ධියට මර්වින්ට නොතීසි.

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද(25) නොතීසි නිකුත් කළේය.

2011 වසරේ ඔක්තෝබර් මාසයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු පැහැරගෙන යාමට අදාළව ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනුකර තිබුණු පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥයින් විසින් අධිකරණයට පෙන්වාදී තිබුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මීට පෙරාතුව ඇතැම් පැහැරගැනීම්වලට අදාළව තොරතුරු තමන් දන්නා බවට රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණු බැවින් මෙම පැහැරගැනීම්වලට අදාළවද යම් තොරතුරක් මර්වින් සිල්වා මහතා විසින් දැනසිටීමට ඉඩඇති බැවින් ඒ පිළිබඳ ඔහු අධිකරණයට කැඳවා ‍තොරතුරු විමසීම වැදගත් බවයි.

ඒ අනුව එම නඩුවේ සාක්කිකරුවකු ලෙස මර්වින් සිල්වා මහතා කැඳවීමට අධිකරණය අද නොතීසි නිකුත් කළේය.