FAST NEWS

24×7 Around the Globe

තිසර – මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ 05 ක් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

 

නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 07 ක් දවා ගත් ලසිත් මාලිංග අයි.සී.සී පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරිම්හි ස්ථාන 03 ක් ඉදිරියට පැමිණෙමීන් 46 වන ස්ථානයට පත් විමට සමත්ව තිබේ.

එසේම එම තරගාවලියේදි වැඩිම දෙවැනි ලකුණූ ලභියා (224) බවට පත් වු තිසර පෙරේරා අයි.සී.සී පිතිකරු ශ්‍රේණිගතකිරිම්හි ස්ථාන 22 ක් ඉදිරියට පැමීණෙමීන් 65 වන ස්ථාන දක්වා පැමීණීමට සමත්ව තිබේ.

එසේම අයි.සී.සී පිතිකරු ශ්‍රේණිගතකිරිම්හි ස්ථානයක් ඉදිරියට පැමීණෙමීන් නිරෝෂන් දික්වැල්ල 26 වන ස්ථානයටයත්, ස්ථාන 07 ක් ඉදිරියට පැමීණෙමින් කුසල් පෙරේරා 66 වන ස්ථානයටත්, ස්ථාන 11 ක් ඉදිරියට පැමීණෙමීන් ධනුෂ්ක ගුණතිලක 82 වන ස්ථානටයත් පත්ව තිබේ.