FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

 

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් පෙබරවාරි 01 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

සභාපතිවරයාගේ නිළ කාලය අවසන්වීමට වසර 03 ක් තිබියදී මෙම තීරණය ගෙන තිබෙන අතර 2012 වසරේදී මුල් වරට ලෝක බැංකු සභාපති ධුරයට පත්වූ ඔහු 2017 වසරේ සිට නැවතත් එම තනතුරට නම් කිරීමට හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පියවර ගනු ලැබීය.

සාමාජික රටවල් 189 දෙනෙකුගෙන් සමන්විත ගෝලීය සංවර්ධන ණය ආයතනය වන ලෝක බැංකුවේ සභාපති ධුරය නම් කෙරෙන්නේ එහි විශාලතම පාර්ශවකරු විසින්ය.