රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් ලබන මස 07 වනදා සලකා බැලීමට ප්‍රසන්න ජයවර්ධන සහ එල්.එම්.ටී.බී දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුයවරුන් නියෝග කර ඇත.
අදාළ පෙත්සම් ගොනුකරනු ලැබුවේ පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුයෙකු වන ඕෂල හේරත් මහතා විසිනුයි.








