FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ත ගෑස් සිලින්ඩරයත් ගණන් උස්සයි !

කිලෝග්‍රෑම් 12.5 ප්‍ර්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් වැඩිකිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. 

දැනට රුපියල් 1733 ක් වන කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2092 දක්වා වැඩිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඔක්තෝබර් හා නොවැම්බර් යන මාස දෙකේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 595.5 දක්වා වැඩි වීමත් ඩොලරයේ අගය ඉහළ යාම සැළකිල්ලට ගෙන මෙරට ගෑස් මිල වැඩිකිරීමට සමාගම් අවසර ඉල්ලා තිබේ