උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර ඇත.
මෙම නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
බස්නාහිර, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව නව ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමට නියමිතව ඇත්තේ දකුණ පළාත සඳහා පමණි.








